10th December 2024 16:20:51 Hours
3 (සෙවි) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 3 (සෙව්) කාන්තා බලකායේ භඨපිරිස් විසින් 2024 දෙසැම්බර් 06 වන දින සඳුන්පුර ලත්පදුර ප්‍රාථමික විද්‍යාලයේ දූදරැවන් හට පාලස් උපකරණ ප්‍රධානය කිරිමේ උත්සවයක් පාසල් භූමියේදි පවත්වන ලදි. උත්සව අවස්ථාව දරැදැරියන්ගේ නර්ථනාංගයන්ගෙන් වර්ණවත් විය.
වැඩසටහනේදී 2, 3, 4, 5, සහ 6 ශ්‍රේණිවල සිසුන් 128 දෙනෙකු සඳහා පාසල් බෑග්, පොත්පත් සහ අත්‍යාවශ්‍ය පාසල් ද්‍රව්‍ය බෙදා දෙන ලදී. මේ සදහා රොෂාන් ප්‍රියදර්ශන සහ දිනුෂි ලියනපතිරණ යන මහත්ම මහත්මිය මූල්‍ය දායකත්වය ලබා දෙන ලදී.
උත්සව අවස්ථාව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික - ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර), බ්‍රිගේඩියර් ඩබ්ලිව් එස් වී ප්‍රනාන්දු යුඑස්පි එන්ඩිසි අයිජි, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.
මෙම වැඩසටහන සඳහා ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරී- ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) , අණදෙන නිලධාරීන්, නිලධාරීන් සෙසු නිලයන්, කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, විදුහල්පති, පාසලේ කාර්ය මණ්ඩලය, මූල්‍ය දායකයින්, දෙමාපියන් සහ සිසුන් ද සහභාගී විය.