?
30th November 2025 16:26:48 Hours
ආසේමු (නැ) බලප්රදේශයට අයත් රන්හෙලගම, ඇල්ලකොටලීය, සල්පිටිගම සහ විජයපුර යන ගම්මානයන් වෙත පතිතවු අධික වර්ෂාව හේතුවෙන් දැඩි ගංවතුර තත්වයක් ඇතිවු බැවින්, එහි ප්රතිඵලයක් ලෙස ගංවතුරට මැදිව කෙටුවී සිටි ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් 3 (සෙව්) විජයබාහු පාබල රෙජිමේතුවට අයත් 02 x 40 භඨ පිරිස් ප්රමාණයක් යොදවා බලපැමට ලක්ව සිටි පිරිස මුදවා ගැනිමට කටයුතු සිදුකරන ලදි.
මෙහෙදි බලපැමට ලක්ව සිටි පවුල් 21ට අයත් පුද්ගලයින් 57 , (පිරිමි 35 ක්, ගැහැණු 15 ක් සහ කුඩා ලමුන් 07) දෙනෙකු වශයෙන් මුදවා ගැනිමට කටයුතු සිදුකරන ලදි.
ඒ අනුව 3 (සෙව්) විජයබාහු පාබල රෙජිමේතුවට අයත් භඨ පිරිස් විසින් මහත් පරිශ්රමයක් දරා එම සිවිල් වැසියන් පිරිස මුදවාගෙන ආරක්ෂිත ස්ථානයන් වෙත යොමු කිරිමට කටයුතු සිදුකරන ලදි.