15th March 2025 09:15:44 Hours
ආරක්ෂක සේනා - (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 243 පාබල බලසේනාවට අයත් භටපිරිස් , 11 වන (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු සහ හේමාස් පුද්ගලික සමාගමෙහි අනුග්‍රහය ඇතිව 2025 .03 . 13 වන දින කොක්කඩිචෝලෙයිහි අඩු ආදායම් ලාභී පවුල් 30ක් සදහා වියලි ආහාර සලාක මළු සපයන ලදි.
මෙම වැඩසටහන සදහා 243 වන පාබල බළසේනාව බළසේනාධිපති, අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිළධාරීන්, සෙසුනිළයින් සහ අනුග්‍රාහක බවතුන්ද සහභාගී විය.