Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd February 2025 19:53:43 Hours

243 පාබසේමු සහ11 වන බළඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරිමේ වැඩසටහනක්

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුවක්‍ ක්‍රියාත්මක කරනු ලබන ක්ලින් ශ්‍රිලංකා වැඩසටහන යටතේ පිරිසිදු වෙරළතිරයන් - ආකර්ශණිය සංචාරක ගමනාන්තයක් යන තේමාව මුලික කරගනිමින් මෙම පාබසේමු බළප්‍රදේශයට අයත් කල්ලඩි,කාත්තන්කුඩි, පාලමිමඩුහාපුනච්චිමුනේ යන වෙරළ තීරයන් පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2025.02.16 දින 243 පාබසෙමු සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් එච්පීඅයි කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහ 11 වන බළඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් බී ර්ආ එම් ජි ඩබ්ලිව් ඒ ආර් බලගල්ල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කල අතර ඒ සදහා 243 පාබසේමු 01x15 භඨ පිරිස් ප්‍රමානයක් හා 11 වන බළඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ 03x65 භඨ පිරිස් ප්‍රමානයකගේ සහභාගිත්වයෙන් සිදුකල අතර, ඒ සදහා කාත්තන්කුඩි නගර සභාව, පරිසර සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මඩකලපුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාල, පොලිස් අභ්‍යාස විද්‍යාලය යන ආයතනයන්හි රාජ්‍ය නිලධාරින්ගේ හා ප්‍රදේශවාසින් සහභාගිවිය.