?
13th December 2025 20:02:10 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් යු පි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමගේ මග පෙන්විම මත 2025 දෙසැම්බර් 13 වන දින 01 x 10 බැගින් වු භට පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්‍රව තිබු පානිය ජල ළිං පිරිසිදුකිරී මේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන අතරතුර, සෙතුකුඩා ප්‍රදේශයේ ආපදාතත්වට පත් ජනතාවගේ පරිභෝජනය සඳහා අපවිත්‍රවු පානිය ජල ළිං 03 ක් භට පිරිස් විසින් පිරිසිදු කරන ලද අතර, මෑතකාලීන අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ මෙම ළිං ප්‍රදේශවාසීන් විසින් බහුලව භාවිතාකර ඇති බැවින්, බලපෑමට ලක් වූ පදිංචිකරුවන්ට ආරක්ෂිතව පානීය ජලය අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම සඳහා පිරිසිදුකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.