?
08th June 2025 13:25:01 Hours
243 පාබල බලසේනාමුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යූපී කලුපහන යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ සංකල්පයකට අනුව නිලධාරි හා සෙසුනිලයින්ගේ සහයෝගය වර්ධනය කිරීමේ අරමුණින් මෙම පාබල බලසේනාමුලස්ථානය හා යටතේ පාලනය වන ඒකකයන් අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් 2025 ජුනි මස 05 වන දින මෙම පාබල බලසේනාමුලස්ථානයේ පැවැත්වූ අතර තරගාවලියේ ශූරතාවය 16 ශ්‍රිලංජාආබමු ඒකකය වෙතින් ලබාගත් අතර අනුශූරතාවය 243 පාබල බලසේනාමුලස්ථානය මගින් හිම් කරගන්නා ලදි. තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ නිලධාරි හා සෙසුනිලයන්ට සහතිකපත් හා ත්‍යාග ලබාදුන් අතර තරගයේ හොදම පිතිකරුවා මෙන්ම තරගාවලියේම වීරයාට හිමි සම්මානය වර්නසැරයන් සිල්වා ඒඩිසි ආර්එස්පී - 243 පාබසේමු හිමිකර ගන්නා ලදි. හොදම උඩ පන්දු රකින්නාට හිමි සම්මානය ලා/කෝ ගුණසේකර එච්ඒඅයිපී - 11(සෙව්) ශ්‍රිලංසිරෙ හිම්කරගත් අතර තරගාවලියේම හොදම පන්දු යවන්නාට හිමි සම්මානය බලළත් නිලධාරි 11 ප්‍රියදර්ශන ඩබ්ඒඑන් - 16 ශ්‍රිලංජාආබමු හිමිකර ගන්නා ලදි.