?
05th December 2025 20:37:38 Hours
24 වන පාබල සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මඟ පෙන්වීම ඇතිව 243 පාබල බලසේනා බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහාය ඇතිව කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සහ මුස්ලිම් ආයතන සම්මේලනය, මහනුවර, ගම්පොළ, පොළොන්නරුව සහ බදුල්ල යන ප්‍රදේශවල ගංවතුරෙන් පීඩාවට පත් පවුල් සඳහා රුපියල් මිලියන 32.5 ක් පමණ වටිනා වියළි සලාක පැකට් 4,500 ක් ප්‍රවාහනය කිරීම ආරම්භ කළේය.
මෙම වැඩසටහන 2025 දෙසැම්බර් 04 වන දින 0800 පැයට කාත්තන්කුඩි හිස්බුල්ලා ශාලාවේදී ආරම්භ විය.
243 පාබල බලසේනා බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ 03 × 05 කභළු පිරිස් ප්‍රමාණයක් මෙම අවස්ථාවට සහභාගී වූහ.