?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th December 2025 13:19:23 Hours

243 පාබල බලසේනාවට අයත් භඨපිරිස් විසින් චිරිත්චෙන්තුරු ප්‍රදේශයේ පානීය ජල ලිං පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීම

243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම මත 2025 දෙසැම්බර් 14 වන දින 01 x 10 බැගින්වු භට පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්‍රව තිබු පානිය ජල ළිං පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන අතරතුර, චිරිත්චෙන්තුරු ප්‍රදේශයේ ආපදා තත්වට පත් ජනතාවගේ පරිභෝජනය සඳහා අපවිත්‍රවු පානිය ජල ළිං භට පිරිස් විසින් පිරිසිදු කරන අතර මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ මෙම ළිං ප්‍රදේශවාසීන් විසින් බහුලව භාවිතා කර ඇති බැවින් බලපෑමට ලක් වූ පදිංචිකරුවන්ට ආරක්ෂිතව පානීය ජලය අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම සඳහා පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.