?
06th December 2025 12:54:50 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම මත 2025 දෙසැම්බර් 05 වන දින 243 වන පාබල බලසේනාවේ භට පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්‍රව තිබු පානිය ජල ළිං පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහන අතරතුර, කල්ලඩි - නාකපුරම්හි, උප්පෝඩෙයි ප්‍රදේශයේ ආපදා තත්වට පත් ජනතාවගේ පරිභෝජනය සඳහා අපවිත්‍රවු පානිය ජල ළිං 03 ක් භට පිරිස් විසින් පිරිසිදු කරන ලදී. මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ මෙම ළිං ප්‍රදේශවාසීන් විසින් බහුලව භාවිතා කර ඇති අතර, බලපෑමට ලක් වූ පදිංචිකරුවන්ට ආරක්ෂිතව පානීය ජලය අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම සඳහා පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.