Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th October 2022 11:58:27 Hours

242 වන පාබල බළ‌ෙස්නාව හා 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුව එක්ව තිරික්කෝවිල් "සකලකලෙයි" පෙරපාසලේ ළමුන් සඳහා පාසල් උපාංග බෙදා දෙයි.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරී උපදෙස් සහ 242 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් අනුරාධ සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය මත 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුව විසින් වැඩසටහනක් සංවිධානය කරන ලදි.

තිරික්කෝවිල් "සකලකලෙයි" පෙරපාසලේ ළමුන් සඳහා රසකැවිලි පාර්සල් සහ පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන් දියත් කළ අතර ළමුන් 21 දෙනෙකුට සහ කාර්ය මණ්ඩල 02 දෙනෙකුට ලබා දෙන ලදි.

"ලෝක ළමා දිනය" ට සමගාමීව 2022 ඔක්තෝබර් මස (01) දින පෙර පාසල් ගොඩනැගිල්ල වර්ණවත් කිරීම සදහා 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භඨපිරිස් විසින් මුළු උද්‍යානයම පිරිසිදු කරන ලදී.

තවද, 242 වන පාබල බළසේනාවේ බළසේනාධිපති, බ්‍රිගේඩියර් අනුරාධ සෝලංගආරච්චි, 242 වන පාබල බළසේනාවේ සිවිල් සම්බන්දීකරණ කටයුතු නිළධාරි ලුතිනන් කර්නල් ප්‍රසන්න ද සිල්වා, 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ අණදෙන නිළධාරී, මේජර් සජීව අමද් සහ අනෙකුත් නිළධාරීන් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.