Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th September 2022 21:20:46 Hours

242 වන පබල බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

242 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති ලෙස Colonel අනුරුද්ධ සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 සැප්තැම්බර් 14 වන දින අම්පාර - කෝමාරි මූලස්ථානයේ දී වැඩ භාර ගන්නා ලදී.

242 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති ප්‍රධාන දොරටුව අභියසදී මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, 242 වන පාබල බලසේනාවේ භඨ පිරිස් විසින් සම්මාන මුරයක් ද පිරිනමන ලදි. 242 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති අනුරුද්ධ සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සුබ මොහොතින් නිළ ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයෙහි රාජකාරි භාරගැනිම සනිටුහන් කරන ලදි.

ඉන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් හා නව රාජකාරි සනිටුවහන් කරමින් පැළයක් රොපනය කිරිමෙන් අනතුරුව භට පිරිස් ආමන්ත්‍රණය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරී වරුන්, නිලධාරින් හා සෙසු නිලයින් සහභාගි විය.