Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th July 2023 12:32:22 Hours

242 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති ධූරයේ රාජකාරී අරඹයි

කර්නල් කේ පී එල් අමුණුපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 242 වන පාබල බලසේනාවේ 36 වැනි බලසේනාධිපති ලෙස 2023 ජූලි 05 දින වැඩ භාර ගන්නා ලදී. නව බලසේනාධිපති විසින් සුබ මොහොතින් ලිපියකටද අත්සන් තැබූ අතර ආගමික වතාවත් මධ්යැයේ නව පත්වීම සංකේතවත් කරන ලදී.

තවද ඔහු එම වැදගත් දිනයේ මතක සැමරුමක් ලෙස පැළයක් සිටුවා පසුව සියලු නිලධාරීන් සමඟ තේ පැන් සංග්රාහයටද එක් විය. මෙම අවස්ථාව සඳහා බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ ඒකකයන්හි අණදෙන නිලධාරීන් ඇතුලු සෙසු නිලයින් සහභාගි වූහ.