Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th August 2023 11:29:26 Hours

242 පාබල බලසේනාවේ බලසේනාධිපති නිල සංචාරයක

242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේපීඑල් අමුණුපුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සිය රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව 2023 ජූලි 27 වන දින කන්චිරන්කුඩා ප්‍රදේශයෙහි ස්ථාපිත 8 වන බලඇණි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව වෙත සිය මංගල සංචාරය සනිටුහන් කළේය.

ඒකකයේ ප්‍රධාන දොරටුව අසලදී 8 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිළධාරී මේජර් ඊඩිඑස්කේ දෙනියාය යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් විසින් බලසේනාධිපති උණුසුම් ලෙස පිළිගන්නා අතර බලසේනාධිපති හට එම බලමුළුවේ භටපිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමනු ලැබූහ. අනතුරුව බලසේනාධිපති විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමෙන් පසු ඒකක අණදෙන නිළධාරී විසින් බලප්‍රදේශය පිළිබදව, භටපිරිස් යෙදවීම සහ අනෙකුත් වැදගත් කරුණු පිළිබඳව අණදෙන නිලධාරී කාර්යාලයේදී බලසේනාධිපතිව දැනුවත් කරන ලදී. ඉන්පසු භටපිරිස් ඇමතීම සිදුකල අතර එම අවස්ථාවේ බලසේනාධිපති විසින් තම අණ යටතේ සිටින භටපිරිස් වෙත තම දැක්ම සහ අපේක්ෂාව ප්‍රකාශ කළේය.පසුව, එම බලමුළුවේ නිලධාරීන් විසින් තේ පැන් සංග්‍රහයක් බලසේනාධිපති වෙත පිලිගන්වන ලදි.

අනතුරුව බලසේනාධිපති සහ සිවිල් සම්බන්ධිකරන නිලධාරි කන්චිකුඩිච්චිආරු ප්‍රදේශයේ ස්ථාපිත ඒ කණ්ඩායම වෙත සංචාරයක නිරත විය. එම සංචාරය සිදුකිරීමෙන් අනතුරුව නිලධාරි නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයටද සහභාගී වූ අතර අවසන් වශයෙන් බලඇණියෙන් පිටත්ව යාමට පෙර ඒකකය වෙත පැමිණිනෙන අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තබා බලසේනාධිපතිගේ නිල සංචාරය අවසන් කරන ලදි.