Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd September 2022 09:37:53 Hours

241 සහ 242 පාබල බළසේනාවන්හි භට පිරිස් විසින් ජංගම වෛද්‍ය සහ අක්ෂි සත්කාර වැඩසටහනක් සංවිධානය කරන ලදී

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ 241 හා 242 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් ජංගම වෛද්‍ය සහ අක්ෂි සත්කාර සායන වැටසටහනක් 2022 සැප්තැම්බර් 18 වන දින සිදුකරන ලදි.

ඒ අනුව තිරුක්කෝවිල්, පොතුවිල් සහ ලාහුගල ප්‍රදේශ වල අඩු ආදායම්ලාභී පවුල්වල තොරාගත් රෝගීන් 281 සදහා වෛද්‍ය ලබාදුන් අතර. ඇස් කණ්ණාඩි සහ අක්ෂි කාච ලබා ගැනීම සඳහා රෝගීන් 184 දෙනෙකු තෝරා ගන්නා ලදී.

මෙම අවස්ථාව සදහා 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, 242 පාබල පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනුරුද්ධ සෝලංගආරච්චි, 8 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුඵවේ අණදෙන නිලධාරි මේජර් සජීව අමදෝරු, 16 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුඵවේ අණදෙන නිලධාරි මේජර් මංජුල අලවත්ත 242 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රසන්න ද සිල්වා ඇතූලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.