Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th December 2023 10:27:03 Hours

241 වන බලසේනාවේ 10 වනසංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තු ප්‍රදේශයේ පිහිටි 241 පාබල බලසේනාව සිය 10 වන සංවත්සරය පසුගිය නොවැම්බර් 29 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායන් හා චාරිත්‍රානුකූලව චාම් සහ අභිමානවත් උත්සවයකින් සමරනු ලැබීය. 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් එස් ඩී එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත බලසේනාවේ භටපිරිස් විසින් මුර පිරික්සුමක් සහ සමිමාන පෙළපාලියක් පිරිනමන ලදී. බලසේනාධිපති විසින් බලසේනාවේ භටපිරිස් අමතා සංවත්සරදින පණිවිඩය වශයෙන් ඉහළම විනයකින් යුතුව තමන් කැපවූ කාර්යභාරය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටි අතර සංවත්සර දිනය නිමිත්තෙන් බලසේනා පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය. අනතුරුව බලසේනාධිපති සමඟ බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

තවද ඉංජිනේරු සේවා රෙජි‌මේන්තු සහ බලසේනා භටපිරිස් විසින් නවතමයෙන් ඉදිකරන ලද බලලත් නිළධාරි/සැරයන් නිවස්නයේ ප්‍රධාන දොරටුව සහ නිළධාරි / සෙසුනිල නිවාඩු නිකේතනය 241 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් විවෘත කරන ලදී. අවසාන වශයෙන් සංවත්සර උත්සවයේ අවසන් උත්සවය ලෙස 241 පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු බලසේනාවේ සියලු නිලයන් දිවා භෝජන සංග්‍රහයකටද සහභාගී විය.