Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th October 2022 20:59:55 Hours

241 වන පාබල බළසේනාව හා 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ, භඨපිරිස් ඒක්ව කල්මුණේ පණ්ඩිරිප්පු හි පිහිටි “විෂන් ඔෆ් හෝප් ළමා මධ්‍යස්ථානයේ” ළමුන් සඳහා දිවා ආහාර, පාසල් උපකරණ හා විනෝදාස්වාද වැඩසටහනක් සංවිධානය කිරීම.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ආර්ඩබිපි ආර්ඒස්පි එනඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයක් මත 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත 241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් ආර්ඩබිපි ආර්ඒස්පි යුඒස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ, භඨපිරිස් විසින් කල්මුණේ පණ්ඩිරිප්පු හි පිහිටි “විෂන් ඔෆ් හෝප් ළමා මධ්‍යස්ථානයේ” ළමුන් සඳහා දිවා ආහාර, පාසල් උපකරණ බෙදාදීම සහ විනෝදාස්වාද වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ඒ අනුව "ලෝක ළමා දිනය"ට සමගාමීව 2022 ඔක්තෝබර් මස (01) දින පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ළමුන් 40 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 10 දෙනෙකු සහභාගි විය.

තවද, 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී, ලුතිනන් කර්නල් දර්ශන සිරිසේන මහතා ඇතුළු නිළධාරීන් සහ සෙසුනිළයින් උත්සවය සාර්ථක කර ගැනීමට එක් වූහ.