Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th October 2022 20:46:49 Hours

241 වන පාබල බළසේනාව 11 වන ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බළමුලුව ඒක්ව "ලෝක ළමා දිනය"ට සමගාමීව අම්පාර, නීත්ත, සියපත් පෙර පාසලේ ළමයින් සඳහා විශේෂ දිවා ආහාරය සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කිරීම.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් සහ 241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය. 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළඇණිය විසින් සංවිධානය කරන ලද විශේෂ දිවා ආහාරය සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් අම්පාර, නීත්ත, සියපත් පෙර පාසලේ දරුවන් සඳහා

ඒ අනුව "ලෝක ළමා දිනය"ට සමගාමීව 2022 ඔක්තෝබර් මස (01) දින පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ළමුන් 20 දෙනෙකු සහ දෙමාපියන් 20 දෙනෙකු සහභාගී විය.

තවද, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලඇණිය අණදෙන නිළධාරී මේජර් අජන්ත කුමාර සහ නිළධාරීන් සහ සෙසුනිළයින් උත්සවය සාර්ථක කර ගැනීමට එක් විය.