Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th February 2023 09:21:23 Hours

241 වන පාබල බලසේනාවේ භඨපිරිස් විසින් අඩ්ඩාලච්චේන වෙරළතීරය පිරිසිදු කරයි

සුන්දර වෙරළ තීරයක් වන අඩ්ඩාලච්චේන වෙරළ තීරය¸ ඉවතලන දවටන, ප්ලාස්ටික් බෝතල්, පොලිතින් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව ඇති අතර එය පරිසරය අපවිත්‍ර වීමටද හේතු වේ.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත සහ 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් දනික පතිරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ, 241 පාබල බලසේනාව විසින් සෙනසුරාදා (පෙබරවාරි 11) දින අඩ්ඩාලච්චේන වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදී.

තවද, 241 වන පාබල බලසේනාවේ සහ 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ යුද හමුදා භට පිරිස් සහ අඩ්ඩාලච්චේන වෝකර්ස් යූනියන් සහ මුස්ලිම් පල්ලි සම්මේලනයේ සිවිල් වැසියන් ඇතුළුව 70 කට ආසන්න පිරිසක් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සදහා සහභාගී වූහ. 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් වැඩසටහන මෙහෙයවන ලද අතර, 11 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ දෙවන අණදෙන නිලධාරී ද වැඩසටහනේදී විශේෂ කාර්යභාර්යක් ඉටුකරන ලදී.