Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th December 2022 14:28:20 Hours

241 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක සහ කිරි ගවයින් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරයි.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම මත 24 වන පාබල සේනාංකයේ වැ.බ. සේනාංකාධිපති සහ 242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි, 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් දනික පතිරත්න, 24 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුව විසින් 2022 දෙසැම්බර් 22 වන දින පියංගල උහන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය හි අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක සහ කිරිගවයින් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පියංගල ආරණ්‍ය සේනාසන විහාරස්ථානයේ දී සංවිධානය කරන ලදි.

තවද, මෙම වැඩසටහනේදී අඩු ආදායම්ලාභී පවුල් 150ක් සඳහා වියළි සලාක මලු 150ක්, ගැබිණි මව්වරුන් 50ක් සඳහා අත්‍යාවශ්‍ය උපකරණ සහිත වියළි සලාක මලු 50ක් සහ සිවිල් වැසියන් 13 දෙනෙකුට කිරිගවයින් 14 දෙනෙකු පරිත්‍යයාග කරන ලදී. 24 වන පාබල සේනාංක මූලස්ථානයේ සේවය කරන සිවිල් සේවකයින් 24 දෙනෙකුට වියළි සලාක මලු 24ක් බෙදා දෙන ලදී. එම පරිත්‍යාගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 3කට ආසන්න (3,000,000/=) වූ අතර, “ගුණජයසතුට පදනමේ” ( Foundation of Goodness) හිමිකරු වන අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ අනුශාසකත්වයෙන් පරිත්‍යාග වැඩසටහන නිමා කරන ලදි.

vමෙම අවස්ථාව සදහා 24 වන පාබල සේනාංකයේ වැ.බ. සේනාංකාධිපති සහ 242 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගී වූ අතර 24 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිනන් කර්නල් සුනිල් ජයරත්න, 241 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිනන් කර්නල් තිලක් කුමාරසිරි, 16 වන බලඇණියේ ජාතික ආරක්ෂක බලමුලුවේ අණදෙන නිලධාරි මංජුල අලවත්ත ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුලු නිලධාරීන්, සෙසු නිලයින්, ප්‍රතිලාභීන් සහ පරිත්‍යාගශීලී නියෝජිත ආයතනයේ සාමාජිකයින් මෙම වැඩසටහන සදහා සහභාගි වන ලදී.