Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th June 2024 15:43:15 Hours

241 වන පාබල බලසේනාව විසින් පොසොන් පොහොය දිනයට සගාමීව සිසිල් බීම දන්සලක් සංවිධානය කරන ලදී.

241 වන පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්එස්ඩිඑන් පතිරත්න ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් අනුව 241 පාබල බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙසිකෙ සුභසිංහ ශ්‍රීලයුකෘපබ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ පොසොන් පොහොය දිනයට සමගාමීව 2024.06.22වන දින අක්කරපත්තුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේදී දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ මිහිදු පෙරහැර සඳහා සහභාගී වන ලද නැටුම් කාණ්ඩායම් සහ සංවිධායක කමිටු සාමාජිකයන් 1200හට බනිස් කෙසෙල් හා සිසිල් බීම දන්සලක් විහාරස්ථාන පරිශ්‍රය තුලදී පිලිගන්වන ලදී.මේ සඳහා මූල්‍යම පරිත්‍යාගය අක්කරපත්තුව වෙළඳ සංගමයේ සභාපති වන ඒ අබ්දුල් සලාම් මහතා විසින් ලබාදෙන ලදී.