Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th January 2024 12:29:40 Hours

241 පාබල බළසේනාවේ භඨ පිරිස් සාගම වැවෙහි වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

අම්පාර අක්කරපත්තුව ප්‍රදේශයේ පැවැති අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශයේ ස්ථාපිත 241 පාබල බළසේනා මුලස්ථානයේ බළ ප්‍රදේශයට අයත් ගල්ඔය ජාලාශය පිටාර ගැලිම හේතුවෙන් දිඝවාපි සහ ඔලුවිල් මාර්ගය 2024.01.11 වන දින ජලයෙන් යට විම හේතුවෙන් ගමනා ගමනයට බාධා ඇති වි ඇත. ඉන් අනතුරුව 241 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එල්එස්ඩිඑන් පතිරත්න ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සහභාගිත්වයෙන් වහා ක්‍රියාත්මක වු 241 පාබල බළසේනාවේ භඨපිරිස් විසින් වැලි කොටිට 610 ක් ගසා එම මාර්ගය අවරණය වන පරිදි සකස් කළ අතර, මෙම කර්තව්‍ය සදහා නිලදාරියෙකු සමග යුද්ධ හමුදා සමාජිකයින් 30 දෙනෙකු සහභාගිවු අතර ඒ සදහා ගොවි ජනතාව 60ගේ සහයෝගය ලබාදි ඇත.ඒ සදහා අවශය තාක්ෂණික දැණුම ඔලුවිල් වීරයඩි වාරිමාර්ග කාරියාලයේ ඉංජිනේරු තුමා විසින් සපයන ලදි.