Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th December 2022 12:50:02 Hours

241 පාබල බළසේනාවේ නව බළසේනාධිපති රාජකාරි අරඹයි

අක්කරයිපත්තු ප්‍රදේශයේ ස්ථාපිත 241 පාබල බළසේනා මුලස්ථානයේ 11 වන බළසේනාධිපති ලෙස කරනල් එල්එස්ඩිඑන් පතිරත්න ආරඑස්පී යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 නොවැමිබර් මස 30 වන දින රාජකාරී භාරගන්නා ලදි.

බළසේනා මුලස්ථානය වෙත සපැමිණි නව බළසේනාධිපති 18 වන විජයාබාහු පාබළ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි විසින් ඉතා උණුසුම් අයුරින් පිළීගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු මුරයක් බළසේනාධිපති වෙත පිරිනමන ලදි. පසුව නව බළසේනාධිපති සිය කාරයාලයේදී ආගමික හා හමුදා සම්ප්‍රධානුකූලව ලේඛණයකන්ට අත්සන් තබමින් නව දුරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කදවුරු පරිශ්‍රයේදි පැළයක් රෝපණය කළ අතර ඉන් අනතුරුව 241 වන පාබල බළසේනා මුලස්ථානයේ භඨ පිරිස් ඇමතීමක් සිදු කළ අතර පසුව කදවුරු සංචාරයක නිරතවන ලදි.