Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th January 2024 12:26:39 Hours

241 පාබල බළසේනාව අක්කරපත්තුව ප්‍රදේශයේ කඩා වැටුනු ගසක් ඉවත් කරයි

2024.01.10 දින පැවැති අධික වර්ෂාපතනය හේතුවෙන් අම්පාර අක්කරපත්තුව ප්‍රදේශයේ ස්ථාපිත 241 පාබල බළසේනාවේ, 11 ශ්‍රිලංජාආබමු බළප්‍රදේශයට අයත් අක්කරපත්තුව ශ්‍රි විජයාරාම විහාරස්ථානයේ ඇති විශාල කාය වර්ගයේ ගසක් අක්කරපත්තුව ධම්මරතන සිංහල විද්‍යාලය දෙසට යන මාර්ගයට උදෑසන කඩා වැටිම හේතුවෙන් විදුලි රැහැන් පද්ධතියට අලාභහානි වී ඇත.

ඉන් අනතුරුව 241 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් LSDN පතිරත්න RSP USP ජේෂ්ඪ නිළධාරීගේ සහභාගිත්වයෙන් වහා ක්‍රියාත්මක වු 241 පාබල බළසේනාවේ භඨපිරිස් හා 11 ශ්‍රිලංජාආබමු භඨපිරිස් විසින් අක්කරපත්තුව විදුලිබළ මණ්ඩලය සහ අක්කරපත්තුව මහ නගර සභාව සමග සම්බන්ධතාවයෙන් එම ගස කපා කඩිනමින් ඉවත් කර, විදුලි සැපයුම යථාතත්වයට පත්කරන ලදි.