Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th June 2024 09:21:50 Hours

241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් අක්කරපත්තුව ශ්‍රි විජයාරාම විහාරස්ථානයේ චෛත්‍ය හා ගන්ඨාර කුළුණේ තීන්ත ආලේප කර අළුත්වැඩියා කර දෙන ලදි.

අම්පාර දිස්ත්‍රික්කයේ බහු ජාතීන් ජීවත් වනු ලබන අක්කරපත්තුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රි විජයාරාම විහාරස්ථානය එකම බෞද්ධ විහාරස්ථානයවේ. මෙම විහාරස්ථානයේ චෛත්‍ය හා ගන්ඨාර කුළුණ දීර්ඝකාලීනව තීන්ත ආලේප කර අළුත් වැඩියා කටයුතු සිදුකර නොමැති බැවින් එම විහාරස්ථායේ විහාරාධිපති වහන්සේ විසින් අළුත්වැඩියා කරදෙන ලෙස 241 වන පාබල බලසේනාව වෙත දැනුම් දී ඇත.

අම්බලන්ගොඩ ගංගාරාම විහාරාධිපති පූජ්‍ය සූරියවැව හිමිගේ සමිබන්ධිකරණයෙන් ශ්‍රී ලංකා වෘතීය හා තෘතීය අධ්‍යාපන ආයතනය කඩවත කථිකාචාර්ය ඒ අයි ඒ රංගන මහතාගේ මූල්ය්‍ය පරිත්‍යාගයෙන් යුතුව 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒල් ඒස් ඩි ඒන් පතිරත්න ආර්ඒස්පි යුඒස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත සහ සිවිල් සමිබන්ධිකරණ නිලධාරි මේජර් ජේ සි කේ සුභසිංහ ශ්‍රිලයුකෘපබ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය මත මෙම බලසේනාවේ භඨපිරිස් යොදවා විහාරස්ථානයේ චෛත්‍ය හා ගන්ඨාර කුළුණේ තීන්ත ආලේප කර අළුත්වැඩියා කර දෙන ලදි.