Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th July 2023 12:03:10 Hours

241 පාබල බලසේනාව මගින් අක්කරපත්තුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් පරිත්‍යාග කිරීම

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්එස්ඩීඑන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ සම්බන්ධීකරණයෙන්2023 ජුලි 15 වන දින අක්කරපත්තුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100 ක් සඳහා වියළි සලාක ඇසුරුම් බෙදා දෙන ලදී.

සළාකඇසුරුම්එකකවටිනාකමරු. 5100.00 යුත්සළාකඇසුරුම් 100 ක් මහජන චීන සමූහාණ්ඩුවේ චීන බෞද්ධ විහාරස්ථාන සහ චීන බෞද්ධ ජනතාව විසින් සුහදතාවයේ ප්‍රකාශයක් ලෙස පරිත්‍යාග කර ඇත. මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන පහසුකම් සපයන්නන් වන නිශාන්ත විතාරණ මහතා සහ උදය කරුණාරත්න මහතා විසින් චීන බෞද්ධ විහාරස්ථාන සහ චීන බෞද්ධ ජනතාව සමඟ සම්බන්ධීකරණයෙන් වියළි සලාක ඇසුරුම් සකස් කරන ලදී. අක්කරපත්තුව ධර්මරතන සිංහල මහා විද්‍යාලයේ හා අක්කරපත්තුව දම්රුවන් පෙර පාසැලේ ඉගෙනුම ලබන දරුවන් අයත් අඩුආදායමිලාභිපවුල් 100 වෙත සලාක ඇසුරුම් බෙදා දීම අක්කරපත්තුව ශ්‍රි විජයාරාමාධිපතිඅම්පාරමඩකළපුව දෙදිසාවෙ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය දේවගොඩ සෝරත ස්වාමින් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ අක්කරපත්තුව ශ්‍රි විජයාරාමයේදි2023 ජුලි මස 15 වන දින සිදුකෙරුනු අතර, ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වනඔවුන්ට මෙම පරිත්‍යාගය මහත් අස්වැසිල්ලක් වූ බැවින් ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙම වැඩපිළිවෙළ සහ චීන බෞද්ධ ජනතාවගේ සුහදතාවය ප්‍රතිලාභීන්ගේ ඉමහත් ඇගයීමට හා පැසසුමට ලක් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී වූ අතර 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්එස්ඩීඑන් පතිරත්න ආර්එස්පී යූඑස්පී, 241 පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම වැඩසටහනට සහභාගී වූහ.