22nd July 2022 14:31:31 Hours
241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ එම් සී අබේකෝන් ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ තුමාගේ උපදෙස් පරිදි ඇසල පොහොයට සමගාමීව 241 වන පාබල බළසේනාවේ නිළධාරි සහ සෙසු නිලයින් විසින් සංවිධානය කරන ලද මඤ්ඤොක්කා දන්සල 241 වන පාබල බළසේනාවේ ජන අවන්හල ඉදිරිපිටදි 2022.07.13 වන දින උදෑසන 11.00 සිට දහවල් 01.30 දක්වා පවත්වන ලදි. මෙම දන්සල සඳහා ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් සහභාගි විය.