Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th June 2024 16:23:27 Hours

241 පාබසේමු හා 11 ශ්‍රීලංජාආබමු එක්ව අක්කරපත්තුව සින්නමුහතුවරම් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි.

ඉවතලන දවටන, ප්ලාස්ටික් බෝතල්, හිස් බියර් කෑන් සහ අපතේ යන පොලිතින් නිසා අක්කරපත්තුව සින්නමුහතුවරම් වෙරළ තීරය දැඩි ලෙස දූෂණය වී ඇති අතර එය අක්කරපත්තු වෙරළ තීරයේ සුන්දරත්වය හානිවිමට හේතු වි ඇත.

241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් එස් ඩි එන් පතිරත්න ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ය නිලධාරීගේ උපදෙස් මත මෙම වෙරළබඩ ප්‍රදේශයේ පවතින තත්වය මඟහරවා ගැනීම සහ පාලනය කිරීම සඳහා 241 වන පාබල බලසේනාවේ භඨපිරිස් හා 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භඨපිරිස් විසින් ආලියාඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ප්‍රදේශයේ මහජනතාවගේ සහය ඇතිව 2024.06.03 වන දින වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

තවද මෙම වැඩසටහන සඳහා 241 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බ්‍රිගේඩියර් එල් එස් ඩි එන් පතිරත්න ආර්එස්පි යුඑස්පි සහ 241 පාබල බලසේනාවේ නිලධාරීන් සහ භඨපිරිස්, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නිළධාරීන් සහ භඨපිරිස්, ආලයාඩිවෙම්බු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ ජනතාවද සහභාගී වූහ.