Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th June 2024 15:10:52 Hours

241 පාබසේමු සහ 11 ශ්‍රිලංජාආබමු එක්ව පාලමුනේ සිට අඩ්ඩාලච්චේන වෙරළ තීරය පිරිසිදු කරයි.

ඉවතලන ප්ලාස්ටික් බෝතල්, පොලිතින්, සහ ටින් නිසා පාලමුනේ හා අඩ්ඩාලච්චේන වෙරළ තීරය දැඩි ලෙස දූෂණය වී ඇති අතර එය සුන්දර වෙරළබඩ ප්‍රදේශය දූෂණය වීමට හේතු වේ.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබිලිවි එල් එ සි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම සහ 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් එස් ඩි එන් පතිරත්න ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ 2024 ජුනි මස 15 වන දින 0800 පැයේ සිට 1030 පැය දක්වා 11 ශ්‍රිලංජාආබමු ඒකකයේ 00x07 භඨපිරිස් ප්‍රමාණයක් හා සිවිල් වැසියන් 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පාලමුනේ සිට අඩ්ඩාලච්චේන දෙසට වෙරළ තිරය මිටර 800 ක පමණ ප්‍රදේශයක් පිරිසිදු කරන ලදි.