25th November 2022 14:40:31 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ සංකල්පයකට අනුව, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ගේ උපදෙස් සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් යන ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ අධීක්ෂණය යටතේ පාසල් සිසුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කිරිම සදහා, 18 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් “කල්/ඉමාම් ඝෂාලි” උසස් පාසලේ පාසල් සිසුන් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම එස්.එම්.එල්. නසිරූන් මහතාගේ අනුග්‍රහාකත්වයෙන් කල්මුණේ නින්දඌර් හි පිහිටි විද්‍යාල ශ්‍රවණාගාරයේ දී 2022.11.18 වන දින සිදු කරන ලදී.
ඒ අනුව, 241 පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, පරිත්‍යාගශීලි එස්.එම්.එල්. නසිරූන් මහතාද, විද්‍යාලයේ විදුහල්පති, 241 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 18 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමා සහ නිලධාරීන්, සෙසුනිලයින්, ගුරුවරුන්, සිසුන් හා ආරාධිතයින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.