Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th July 2023 12:14:29 Hours

24 වන සේනාංකයේ සේනාංකාධිපති නව පාබල බලසේනාව වෙත සංචාරයක්

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්රචසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්යෙවෂ්ඨ නිලධාරී 231 වන පාබල බලසේනාව 243 පාබල බලසේනාව වශයෙන් ප්ර්ථීස්තාන ගතකිරිමෙන් පසු 2023 ජූලි 12 වන දින මඩකලපුව දිස්ත්රි ක්කයේ කල්ලඩි ප්රබදේශයේ ස්ථාපිත 243 පාබල බලසේනාව සහ 11 (සෙව්) ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත සිය පළමු සංචාරය සිදු කරන ලදී.

243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්රි ගේඩියර් ඩබ්එම්එන්කේඩී බණ්ඩාර අර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්යෙේෂ්ඨ නිලධාරී විසින් 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමා පිළිගන්නා ලද අතර සංචාරය සනිටුහන් කරමින් සේනාංකාධිපති විසින් පැලයක් රෝපනය කරන ලදි. ඉන් පසු බල සේනාධිපති විසින් බළසේනාවේ කාර්ය භාරය සහ වගකීම් පිළිබඳව ද ජ්යෙසෂ්ඨ නිලධාරී දැනුවත් කරන ලදී.

243 වන පාබල බලසේනා මූලස්ථානයේ සංචාරයෙන් පසු 24 වන පාබල සේනාංකාධිපති තුමා 11 (සෙව්) ශ්රී1 ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරය සදහා එක්විය. එහිදී ඒකක භටපිරිස් සමග සුහද කථාබහක නියැලුනු සේනාංකාධිපතිතුමන් සංචාරය සනිටුහන් කිරීම සදහා සමරු පොතෙහි සටහනක්ද තැබිය.

මෙහිදී 24 වන පාබල සේනාංකයේ, 243 වන පාබල බලසේනාවේ සහ 11 (සෙව්) ශ්රීස ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්යෙ ෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.