Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th February 2022 14:24:29 Hours

24 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - (නැගෙනහිර) යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එස්බි අමුණුගම ආර්ඩබිපි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ඉකුත් පෙබරවාරි මස 10 වන දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

ඉන් අනතුරුව නව සේනාංකාධිපති තුමන්ගේ රාජකාරි භාර ගැනිම සනිටුවන් කරමින් කදවුරු පරිශ්‍රය තුල පැලයක් රෝපනය කිරිමට කටයුතු කරන ලැබු අතර පසුව සියලු නිළයන් ආමන්ත්‍රණය කරමින් එතුමන්ගේ ඉදිරි දැක්ම සැබැදිව හා රාජකාරි කටයුතු සිදුකරගෙන යාම පිළිබදව කෙටි දේශනයක් පවත් වන ලදි.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම රාජකාරි භාරගැනීමේ අවස්ථාව සඳහා 241 හා 242 පාබල බලසේනාධිපතිවරුන්, සේනාංකය යටතේ පාලනය වන ඒකක වලට අයත් අණදෙන නිළධාරිවරුන් හා සෙසුනිළයින් මෙම අවසථාව සදහා සහභාගි වන ලදි.