Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th December 2022 13:07:38 Hours

24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් වාරි ඇල පිරිසිදු කිරීමට සහාය

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත 222 වන බලසේනාවේ බලසේනාධිපති සහ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ගේ මගපෙන්වීම යටතේ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සේරුනුවර සහ කල්ලාර ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ එක්ව කුඹුරු වෙත වතුර යන ඇළ මාරග පිරිසිදු කිරීමේ සුබසාධන ව්‍යාපෘතියක් 2022 නොවැම්බර් 30 සිදු කරන ලදී.

මෙම ඇළ මාවිල්ආරු ගඟේ සිට දිවෙන ප්‍රධාන ඇළවලින් එකක් වන අතර ප්‍රදේශයේ පවුල් රැසක් තම පහසුකම් සහ ගොවිතැන් කටයුතු සඳහා මෙම ඇළ භාවිතා කරන අතර. කිලෝමීටර් 20 කට ආසන්න දෙහිවත්ත සහ නීලපොළ කුඹුරු රැසක් පෝෂණය කරයි. මෙම ව්‍යාපෘතිය ගම්වාසීන්ගේ ඇගැයීමට ලක් වු අතර, පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියෙන් පසු හෙක්ටයාර් 600 ක පමණ අතහැර දමා තිබු වී සහ ඉඩම් නැවත වගා කළ හැකි බව ඔවුහු අවධාරණය කළහ.