Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th August 2023 15:50:44 Hours

24 වන පාබල ‍ සේනාංකයේ ‍ සේනාංකාධිපති කණීෂ්ඨ ශිෂ්‍ය නායකයින් හට නායකත්ව වැඩමුළුවක් පවත්වත්වන ලදි

නායකත්වය වැඩිහිටි වියට සීමා නොවේ. එය කුඩා කල සිට පෝෂණය කළ හැකි කුසලතාවකි. එය පිළිබිඹු කරමින් අම්පාර සෙනරත් සෝමරත්න ප්‍රාථමික විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයින් සඳහා නායකත්ව වැඩසටහනක් 2023 අගෝස්තු මස 24 වන දින පවත්වමින් ප්‍රශංසනීය වැඩපිළිවෙලක් 24 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදු කරන ලදි. මෙම දූරදර්ශී ප්‍රවේශය තරුණ සිත් තුළ පදනම් නායකත්ව ගුණාංග ඇති කිරීම, අනාගතයේදී විශ්වාසවන්ත, වගකිවයුතු සහ ඵලදායී නායකයන් වීමට ඔවුන් දිරි ගැන්වීම මෙහි ප්‍රධ‍ාන අරමුණ විය.

3, 4 සහ 5 ශ්‍රේණිවල සිසුන් අතරින් කනිෂ්ඨ ශිෂ්‍ය නායකයින් සඳහා සකස් කරන ලද නායකත්ව වැඩසටහන සාම්ප්‍රදායික පන්ති කාමර විෂය මාලාවෙන් පරිභාහිර ගිය වැඩසටහනක් විය. එය සැලසුම් කර ඇත්තේ මෙම තරුණ මනස ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව හැඩගස්වා ගැනීම, නිවැරදි තීරණ ගැනීම සහ ඔවුන්ගේ අධ්‍යයන ගමනේදී හොඳින් සේවය කිරීමට පමණක් නොව ජීවිතයේ විවිධ පැතිවල නායකත්ව භූමිකාවන් සඳහා ඔවුන්ව සූදානම් කිරිම, ගුණාංග වර්ධනය කිරීමට දිරිගැන්වීම සහ බලගැන්වීම සඳහා ය.

කණ්ඩායමක් වශයෙන් එකට වැඩ කිරිම, සහයෝගීතාවය සහ ඵලදායී සන්නිවේදනයේ වටිනාකම සිසුන් මෙම වැඩසටහන මගින් ඉගෙන ගන්නා ලදි. අන්තර්ක්‍රියාකාරී ක්‍රියාකාරකම් සහ කණ්ඩායම් ව්‍යාපෘති හරහා ඔවුන් සාර්ථක නායකත්වයක් සඳහා අත්‍යවශ්‍ය කුසලතා වර්ධනය කරගනී. මෙම වැඩසටහන සිසුන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට, ඔවුන්ගේ අදහස් බෙදා ගැනීමට සහ සාකච්ඡාවලට සහභාගී වීමට ආරක්ෂිත පරිසරයක් සලසා දෙන ලද අතර, ඔවුන්ගේ ස්වයං කුසලතාවය ඉහළ නංවීමට උපකාරි විය.

නායකත්ව කුසලතා වඩ වඩාත් වැදගත් වන යුගයක, 3, 4 සහ 5 ශ්‍රේණිවල සිසුන්ට නායකත්ව සංකල්ප හඳුන්වාදීම දිගුකාලීන ප්‍රතිලාභ සහිත වන ඉදිරි ප්‍රවේශයකි. සේනාංකාධීපතිගේ නායකත්ව වැඩසටහන තරුණ මනසෙහි නායකත්ව සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සමස්ත සමාජයේ වර්ධනයට සහ ප්‍රගතියට දායක විය හැකි ආකාරය නිදර්ශනය කරයි.