Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th March 2022 12:16:48 Hours

24 වන පාබල සේනාංකයේදී විරු අභිමාන නිවාස ණය යෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සාලිය අමුණුගම ජ්‍යේෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි, එම සේනාංකය හා යටතේ ඇති බලසේනා මුලස්ථාන හා ඒකකයන් හි රාජකාරි සිදුකරනු ලබන නිළධාරීන් සහ සෙසුනිළයින් හට “විරු අභිමාන නිවාස ණය යෝජනා ක්‍රමය” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 මාර්තු 09 වන දින පවත්වන ලදී.

යුද හමුදා බදාදා දින පුහුණු වැඩසටහනට සමගාමීව, අම්පාර මහජන බැංකු නිළධාරින්ගේ සහයෝගීතාවයෙන් පවත්වන ලද මෙම “විරු අභිමාන නිවාස ණය යෝජනා ක්‍රමය” පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන යුද්ධ හමුදා සෙබළුන්ගේ අවබෝධය වැඩිදියුණු කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නව සංකල්පයකට අනුව හඳුන්වා දෙන ලදී.