Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th September 2023 15:53:03 Hours

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සුබ මොහොතින් බලලත් නිලධාරීන්ගේ සහ සැරයන්වරුන්ගේ නිවස්නය විවෘත කරයි

මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 24 වන පාබල සේනාංකයේ අභිනවයෙන් ඉදිකරන ලද බලලත් නිලධාරිවරුන්ගේ හා සැරයන්වරුන්ගේ නිවස්නය විවෘත කිරිමේ සමාරම්භක උත්සවය 2023 සැප්තැම්බර් 08 වන දින 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

24 වන පාබල සේනාංකයේ සේනාංක සැරයන් මේජර් සහ සියළුම ජ්‍යෙකොනොනින් විසින් නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරි/ සැරයන් නිවස්න ඉදිරිපිටදී 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගැනිමේන් පසු විශේෂ ඵලකය නිරාවරණය කර පීත්ත පටියක් කපා එහි සමාරම්භක අවස්ථාව සංකේතවත් කරන ලෙස ආරාධනා කරන ලදී. පසුව, නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරි/ සැරයන් නිවස්නය පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් නව නිවස්නය වෙත පිවිස නිරික්ෂණය කළහ.

බළලත් නිලධාරි/ සැරයන් නිවස්නයෙහි සිහිනය සැබෑ වුයේ මීට පෙර රාජකාරි කරන ලද සේනාංකාධිපති වරුන් සහ වත්මන් සේනාංකාධිපති වන මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි‍ගේ සාමූහික උත්සාහය හේතුවෙනි.

උත්සවයේ අවසන් අධිරය ලෙස සේනාංකාධිපතිතුමා විසින් නවතමයෙන් ඉදිරිකරන ලද බළලත් නිලධාරි/ සැරයන් නිවස්නය ඉදිරිපිට පැළයක් රෝපණය කළ අතර සමූහ ඡායාරූපයකටද පෙනි සිට තේ පැන් සංග්‍රහයක්ද බුක්තිවිද මතක සටහන් තබන ලදී.

නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරි/ සැරයන් නිවස්නය බළලත් නිලධාරි වරුන්ගේ සහ සියළුම ජ්‍යෙකොනොනිවරුන්ගේ එකමුතුකම සංකේතවත් කරන අතර, බනි/සැරයන්වරුන්ගේ මානසික නිදහස සහ සම්ප්‍රදායන් පවත්වගෙන යෑමටද මෙය ඉවහල් වේ. මෑතකදී ඉදිරිකරන ලද බළලත් නිලධාරි/ සැරයන් නිවස්නයේ ඉදිකිරිම සඳහා කැපවු සාමාජික සාමාජිකාවන්ගේ ජිවන තත්වය වැඩි දියුණු කිරිම සදහා, මෙම නිවස්නය පහසුකම් සහිත භෝජනාගාර ශාලාවකින්ද සමන්විත වන අතර එහිදි සාමාජිකයින් හට එකට එක්වි ප්‍රියසමිභාසන පැවිත්විය හැකි බවත්, බෙදාගත් අත්දැකිම් මගින් බැදිම් සහ සුහදතාවයද තවදුරටත් වර්ධනය කරගත හැක.