Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th February 2022 18:04:35 Hours

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මංගල සංචාරයක නිරත වෙයි.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බි‍්‍රගේඩියර් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරි පසුගියදා සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව 2022 පෙබරවාරි මස 15 දින 241 වන පාබල බළසේනා මූලස්ථානය පිහිටි අක්කරෙයිපත්තු ප්‍රදේශයේ හා 11 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව ස්ථානගතව ඇති නිත්ත ප්‍රදේශයේ සිය මංගල සංචාරය සිදුකරන ලදී.

241 වන පාබල බළ සේනා මූලස්ථානය වෙත පැමිණි පසු, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් යන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් පිළිගන්නා ලදී. මෙම සංචාරය සිහිවීම වෙනුවෙන් 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් බළ සේනා මූලස්ථාන කාර්යාලය ඉදිරිපිට පැළයක් ද රෝපණය කරන ලදී.

පසුව, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් 11 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මූලස්ථානය පිහිටි නිත්ත වෙත නිරික්ෂණ චාරිකාවක නිරතවිය.

මෙම ක්ෂේත්‍ර චාරිකාවන් අතරතුර සේනාංකාධිපති නිළධාරීන් සහ භටපිරිස් සමග ඒකකයේ අවශ්‍යතා පිළිබඳ කරුණු සාකච්ඡා කරන ලදි.