28th November 2024 14:39:26 Hours
අයහපත් කාලගුණයෙන් විපතට පත් උසස් පෙළ සිසුන්ගේ සහය සඳහා 24 වන පාබල සේනාංකයේ භඨපිරිස් දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්වයට ප්‍රතිචාර වශයෙන් ආරක්ෂක සේනා මූලස්ථානයේ (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ භඨපිරිස් යොදවා ඇත. උසස්පෙල සඳහා පෙනී සිටින සිසුන් සදහා ප්‍රවාහන පහසුකම් සැලසීම හා පීඩාවට පත් ප්‍රදේශවල සිසුන්ට තම විභාග මධ්‍යස්ථාන වෙත ළඟාවීම සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් සලසා ඇත. කාලගුණික බාධාවන් හේතුවෙන් ගැටළු වලට මුහුණ දෙන සිසුන්ට සහාය වීම සඳහා චදයන්තලාව, කොණ්ඩුවට්ටුවාන, වීරයාඩි, කිලියෝදය, ආඳාලෝය ඉන්ධන පිරවුම්හල (ඒ 27 පාර) වැනි ස්ථාන වෙත ඩබ්ලිව් එම් ඉසට් සන්නද්ධ රථවලින් සමන්විත යුධ හමුදා සාමාජිකයින් යොදවා ඇත.
තවද, අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට පිළියම් යෙදීම සඳහා යුද හමුදා භට පිරිස්, ට්‍රක් රථ සහ යුනි-බෆල් රථ සමඟින් කොණ්ඩුවට්ටුවාන සීරුවෙන් තබා ඇත.
තවද 241 වන පාබල බලසේනා මුලස්ථානයේ භඨපිරිස් විසින් ඔලුවිල් වීරයාඩි වැව් බැම්ම වැලි කොට්ට යොදා පිළිසකර කිරීම සහ ගම්වාසීන්ට ඇති විය හැකි අවදානම අවම කිරීම සඳහා ඇල ඉවත් කිරීම සිදු කරන ලදී.