Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st July 2022 07:53:48 Hours

24 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් අඩු ආදායම්ලාභි පවුල් සදහා සලාක මළු සහ පාසල් උපකරණ බෙදා දෙයි.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මගපෙන්විම යටතේ සහ 241 පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන්ගේ සමිබන්ධිකරණයෙන් 16 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිළධාරිගේ අධික්ෂණය යටතේ සංවිධානය කරන ලදි.

ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල් 80 ක් සඳහා රු. 5,500.00 ක් බැගින් වන වියළි සලාක මළු හා රු. 600.00 ක් මුදලක් ලබා දෙන ලද අතර, එම ප්‍රදේශයේ පාසල් ළමුන් 87 ක් සදහා රු. 181,000.00 ක් වටිනා පාසල් උපකරණ සහ පියාසරගම ශ්‍රි සම්බෝධි විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සදහා රු. 50,000.00 ක මුදලක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පියාසරගම ශ්‍රි සම්බෝධි විහාරස්ථානයේදි පවත්වන ලදි.

ඉහත වියළි සලාක මලු සහ පාසල් උපකරණ ලබාදිම සදහා දායකත්වය සහ අනුග්‍රහකත්වය කණිෂ්කා පිල්ලවත්ත මෙනවිය, ශෂිකලා ගුණරත්න මෙනවිය සහ ඇයගේ මිතුරු කැල විසින් සිදුකරන ලද අතර, ඔවුන්ද මෙම වැඩසටහන සදහා සහභාගි විය. තවද වැඩසටහන සදහා පැමිණි සියලු දෙනා හට දිවා ආහාරයද ඔවුන් විසින් ලබාදෙන ලදි.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් බී අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ඒන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් සමග 241 පාබල බලසේනාවේ බ්‍රිගේඩියර් ඒ එම් සි අබේකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්, 16 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිළධාරි මේජර් කේ ආර් එම් අලවත්ත ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිළධාරින් සහ සෙසු නිලයින් සහභාගි වන ලදි.