Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th January 2024 13:57:23 Hours

24 වන පාබල සේනාංකයේ භට පිරිස් ගල්ඔය වාරිඇළ ගල්මඩුව‍ ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් ගල්ඔය සිට පරගහකැලේ දක්වා දිවෙන මාර්ගයට වන හානිය වළක්වයි.

2024.01.12 දින පැවැති අධික වර්.ෂාපතනය හේතුවෙන් අම්පාර ප්‍රදේශයේ ස්ථාපිත 241 වන පාබල බළසේනා මුලස්ථානයේ බළදේශයට අයත් ගල්ඔය ජලාශය පිටාර ගැලිම හේතුවෙන් ගල්ඔය සිට පරගහකැලේ දක්වා ගල්ඔය බැම්ම දිගේ වැටි ඇති මාර්ගය ගල්මඩුව ප්‍ර.දේශයෙන් හානි වි ඇති බැවින්, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම සහ 241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එල්එස්ඩිඑන් පතිරත්න ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 24 වන පාබල සේනාංකය වෙතින් භටපිරිස් 18 ක් සහ 11 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භඨ පිරිස් 02X15 යොදවා තවදුරටත් එම හානිය ඇතිවිම වැලැක්විම සදහා අවශ්‍ය පියවර ගන්නා ලදි.