Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th January 2023 16:27:07 Hours

24 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති වැඩ රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය ධුරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. ඉන් අනතුරුව බ්‍රිගේඩියර් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදි.

තවද මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපති කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය. පසු සේනාංකාධිපති සේනාංකයේ සියලු නිලයන් අමතමින් සේනාංකයේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන්ගේ දැක්ම පිළිබඳව පැහැදිලි කරනු ලැබීය.

මෙම අවස්ථාවට 24 වන පාබල සේනාංකයට අයත් බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.