Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th June 2024 15:52:43 Hours

24 වන පාබල සේනාංකය විසින් ආපදා කළමනාකරණ නිලධාරීන් සමඟ සම්බන්ධීකරණ සාකච්ඡාවක් පවත්වයි

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇති විය හැකි ව්‍යසනකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2024 ජුනි 03 වන දින අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් 24 පාබල සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදි.

ගංවතුර, නියඟ, සුනාමි, මිනිස් - වන අලි ගැටුම් සහ ලැව්ගිනි වැනි ප්‍රදේශයට බලපෑ හැකි ආපදා තත්ත්වයන් පිළිබඳව නිලධාරීන් සාකච්ඡාවක නිරත විය. මෙම සමුළුවේ අරමුණ වුයේ ආපදාවන් සදහා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්මක් සහ අනාගතයේ දී ඉහත කී ආපදා තත්ත්වයන්ට මුහුණ දිය හැකි යාන්ත්‍රණයක් සැකසීමයි.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි කර්නල් ප්‍රධාන මාණ්ඩලිකනිලධාරී, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (සම්බන්ධීකරණ), MACM රියාස් (නියෝජ්‍ය අධ්‍යක්ෂ - දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය - අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කය) එරන්ද ගුණසේකර මහතා, සී මුහුන්දන් මහතා සහ අම්පාර / මඩකලපුව දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයන්හි නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා සහභාගි වූහ.