Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th November 2023 09:06:07 Hours

24 වන පාබල සේනාංකය විසින් අම්පාර වඩිනාගල විද්‍යාලය වර්ණවත් කරයි.

අම්පාර දිස්ති‍්‍රක්කයේ ඉතා දුෂ්කර ප‍්‍රදේශයක අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන මට්ටම නංවාලීමට අත්වැලක් දීමේ මාවතේ තවත් සන්ධිස්ථානයකට ළඟා වෙමින්, ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන අම්පාර වඩිනාගල විද්‍යාලයේ සියලු ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් ප‍්‍රතිසංස්කරණය කර තීන්ත ආලේප කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක්, 2023 නොවැම්බර් 04 සහ 05 යන දිනයන්හිදී 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිනි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ ලාංකිය පරිත්‍යාගලාභින්ගේ සහය මත රුපියල් ලක්ෂ 3.5 ක වටිනාකමකින් යුත් තීන්ත පරිත්‍යාග කර පාසලේ සම්පූර්ණ ගොඩනැඟිලි තීන්ත ආලේප කර අධ්‍යාපණය ලැබිමට සුදුසු වටපිටාවක් හා වඩා හොඳ පෙනුමක් ලබා දෙමිනි. මෙම වැඩසටහන සදහා 24 පාබල සේනාංකයහි 14 ශ්‍රිලංසිරෙ, 18 විපාරෙ, 11 (සෙව්) ශ්‍රිලංසිරෙ, 8,11 සහ 16 ශ්‍රිලංජාආබමු සහ ඉසේරෙහි භට පිරිස් සහ සිසු සිසුවියන්ගේ දෙමාපියන් සමඟ දින දෙකක් වැනි කෙටි කාලයක් තුල සාර්ථක ලෙස නිම කර ගැනිමට දායකත්වයක් ලබාදෙන ලදී.