Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th July 2023 21:44:42 Hours

24 වන පාබල සේනාංකය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා වියලි සළාක මළු බෙදාදීමේ වැඩසටහනක් පවත්වයි

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්එස්ඩීඑන් පතිරත්න ආර්එස්පී යූඑස්පී සහ 16 වන බලඇණියේ අණදෙන නිළධාරී මේජර් මංජුල අලවත්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්250ක් සඳහා 2023 ජූලි 02වන දින වියලි සළාක මළු බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.

රු. 5100.00ක පමණ වටිනා වියලි අහාර ද්‍රව්‍ය අඩංගු සලාක ඇසුරුම් 250 ක ප්‍රමාණය මහජන චීන සමූහාණ්ඩුවේ බෞද්ධ ප්‍රජාව විසින් සුහදතාවයේ සලකුණක් ලෙස පරිත්‍යාග කර ඇති අතර මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන පහසුකම් සපයන්නන් වන නිශාන්ත විතාරණ මහතා සහ උදය කරුණාරත්න මහතා විසින් චීන බෞද්ධ ප්‍රජාව සමඟ සම්බන්ධීකරණයෙන් වියළි සලාක ඇසුරුම් සපයා දීමට කටයුතු කරන ලදී. අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රී ඤාණවිජයාලෝක විහාරයේ, ශ්‍රී ගෝතම විහාරයේ සහ ශ්‍රී විමලාරාම විහාරස්ථානයන්හි ආශිර්වාදය මත මහඔය, බණ්ඩාරදූව සහ ගොනාගොල්ල ප්‍රදේශවල අසරණ පවුල් වෙත මෙම සලාක මළු බෙදා දෙනු ලැබිණි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ මෙම ක්‍රියාදාමය සහ චීන බෞද්ධ ප්‍රජාවගේ පරිත්‍යාගශීලීත්වය ප්‍රතිලාභීන්ගේ ඉමහත් ඇගයීමට හා පැසසුමට ලක්වූ අතර ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පසුවන ඔවුන්ට එය මහත් සහනයක් විය.