Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th March 2024 10:00:28 Hours

24 වන පාබල සේනාංකය විසින් අනාගත නායකයින් බළ ගැන්විමේ නායකත්ව වැඩ සටහනක් පවත්වන ලදි.

තරුණයින් අතර නායකත්ව ගුණාංග වර්ධනය කිරීම සහ හෙට දවසේ නායකයින් හැඩගැස්වීම සඳහා, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ 2024. මාර්තු මස 14 වන දින 24 වන පාබල සේනාංක පරිශ්‍රෙය්දී අම්පාර කාවන්තිස්ස මහා විද්‍යාලයේ දුවා දරුවන් හැටපස් දෙනෙකු සදහා නව්‍ය ප්‍රයත්න වර්තමාන ගතික ලෝකයේ ඵලදායි නායකත්වය අත්‍යවශ්‍ය කුසලතා, සාරධර්ම සහ ඉදිරි දර්ශනයකින් යුතු තරුණ මනස සවිබල ගැන්වීම සදහා මෙම නායකත්ව වැඩසටහන පවත්වන ලදි.

නායකත්ව වැඩසටහන සැලසුම් කිරිමේ අරමුණ වුයේ දුවා දරුවන් ඔවුන්ගේ ක්ෂේත්‍රවල ප්‍රබල නායකයින් බවට පත්කිරිම සඳහා ප්‍රබෝධමත් කිරීම, දැනුවත් කිරීම සහ උපදේශකත්වය ලබා දීම සහ අන්තර්ක්‍රියාකාරී වැඩමුළු, සම්මන්ත්‍රණ සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මාලාවක් සිදු කිරිම තුලින් සිසුන් හට නායකත්ව මූලධර්ම, සන්නිවේදන ශිල්පීය ක්‍රම සහ ගැටළු විසඳීමේ උපාය මාර්ග වලින් සමන්විත වැඩමුලුවක් සිදු කරන ලදි. මෙම වැඩසටහනේ එක් මූලික අරමුණ වුයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත්කම, චරිත සංවර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව අවධාරණය කිරීමයි. අභියෝගවල සාර්ථකව මුහුණ දීම සහ අඛණ්ඩතාවයෙන් යුතුව ක්‍රියා කිරිමට අත්‍යවශ්‍ය ගුණාංග වන අඛණ්ඩතාව, සංවේදනය සහ නොපසුබට උත්සාහය වර්ධනය කිරීමට සහභාගිවු දුවා දරුවන් දිරිමත් කෙරූ අතර අධ්‍යපනය තුලින් ඔවුන් හට ධනාත්මක සිතුවිලි ඇති කිරිමට මෙම වැඩමුලුව මහත්සේ රුකුලක් විය.

මෙම වැඩසටහන සාමුහික ක්‍රියාකාරකම් සහ සහයෝගීතාවයේ වටිනාකම අවධාරණය කරන අතර සිසුන් ඔවුන්ගේ අන්තර් පුද්ගල කුසලතා ඔප්නංවා ගැනීමට සහ ගෞරවය වර්ධනය කිරීමට කණ්ඩායම් සාකච්ඡා සහ කණ්ඩායම් ගොඩනැගීමේ අභ්‍යාසවල නිරත විය. පොදු අරමුණු කරා වැඩ කිරීමෙන්, සහභාගිවන්නන් සාමූහික සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වන ඵලදායී සහයෝගීතාව පිළබඳ ඉගෙන ගන්නා ලදි.

සේනාංකාධිපති තුමන්ගේ උපදේශකත්වය යටතේ, සිසුන්ට ඔවුන්ගේ අනාගතය ගැන සිහින දැකීමට, නව්‍ය ලෙස සිතීමට සහ වඩා හොඳ අනාගතයක් අපේක්ෂා කිරීමට දිරිමත් කරන ලදී. ආශ්වාදජනක සහ දුවා දරුවන්ගේ බුද්ධිය අවධි කිරිමේ දේශනයක් සහ නිර්මාණාත්මකව ගැටළු විසඳීමේ ක්‍රියාකාරකම් හරහා සහභාගිවන්නන්ගේ විවෘත මානසිකත්වයෙන් කටයුතු කිරිමට සහපවතින තත්ත්වයට අභියෝග කිරීමට සහ ඔවුන්ගේ ධනාත්මක ලෙස නායකත්වය දීමට අවබෝධය ලබාදෙන ලදි.

නායකත්ව වැඩසටහනට අමතරව පරිසර සංරක්ෂණය වෙනුවෙන් මී පැල 65ක් සිසුන් අතර බෙදා දෙන ලදී. තවද, සිසුන්ට සහ ගුරුවරුන්ට රසවත් දිවා ආහාරයක් සහ උදෑසන සහ සවස තේ වලින් සංග්‍රහ කරන ලදී.

තවද මෙම වැඩසටහන සදහා 24 වන පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ සෙසු නිලයින්, එම පාසලේ විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිස සහභාගී වන ලදි.