Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th October 2023 11:44:24 Hours

24 වන පාබල සේනාංකය අම්පාර වඩිනාගල විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් උපාංග පරිත්‍යාග කරන ලදී

24 වන පාබල සේනාංකය විසින් 2023 ඔක්තෝම්බර් 4 වන දින අම්පාර වඩිනාගල විද්‍යාලයේදී පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලද්දේ දුෂ්කර ප්‍රදේශවල සිසුන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල නංවාලීමට අතහිත දීමේ අරමුණ ඇතිවය. 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම සහ උපදෙස් පරිදි 241 පාබල බලසේනාවේ සහ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ සහය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට මුල්‍ය දායකත්වය විජිත කුලතිලක මහතා සහ නිෂාදි කුලතිලක මහත්මිය විසින් සපයන ලදී. වැඩසටහන අතරතුරදී පාසලට අත්‍යවශ්‍ය පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම සහ සිසු සිසුවියන් 185 දෙනෙකු සඳහා පාසල් උපාංග බෙදාදීම සිදු කරන ලදී. තවද වැඩසටහනෙන් පසුව පාසලේ සිසු සිසුවියන් සහ ගුරුවරුන් සඳහා රසවත් දිවා ආහාරයකින් සංග්‍රහ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වු අතර 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්එස්ඩිඑන් පතිරත්න ආර්එස්පී යූඑස්පී, 24 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ අණදෙන නිලධාරී මේජර් ඊඩිඑස්කේ දෙනියාය, නාවික හමුදාවේ භටපිරිස්, දානපතියන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වූහ.