Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th January 2024 21:28:56 Hours

24 වන පාබල සේනාංක භට පිරිස් සයින්දමරදු, නින්දවූර් සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගය සුරක්ෂිත කරයි.

2024 ජනවාරි 12 වන දින අධික වර්ෂාවත් සමඟ ගල්ඔය ජලාශය වාන් දැමීමමෙන් මිදිඳුපුර ප්‍රදේශයෙන් මීටර් 50ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක පස් ඛාදනය වීම හේතුවෙන් අම්පාර සයින්දමරදු, නින්දවුර් සහ අක්කරෙයිපත්තුව ප්‍රදේශ සදහා ජලය සපයන ප්‍රධාන භූගත ජල සැපයුම් මාර්ගය කැඩීයෑමේ අවදානමකට ලක්ව ඇතිබව අම්පාර සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනුම්දී ඇත.

එම ප්‍රදේශවලට ජල සැපයුම් මාර්ගවලට තර්ජනය වන බවට පණිවිඩය ලද විගස 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එල්එස්ඩිඑන් පතිරත්න ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 24 වන පාබල සේනාංකයේ භට පිරිස්18, 241වන පාබල බලසේනාවේ භට පිරිස් 02x15, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භට පිරිස් 15 සහ ශ්‍රි ලංකා ගුවන් හමුදා උහන කදවුර භට පිරිස් 04x26 ප්‍රදේශයේ තාවකාලිකව පස් ඛාදනය වූ නල මාර්ගය ඔස්සේ නළය ආරක්ෂා වන පරිදි වැලිකොට්ට අතුරා තාවකාලික බැම්මක් ඉදිකරන ලදි. අම්පාර සහ අක්කරපත්තුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල කාර්යාලය මගින් අවශ්‍ය සහය ලබා දෙන ලදී.