Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th December 2023 21:27:40 Hours

24 පාබල සේනාංකය විසින් අම්පාර එක්ගල්ඔය විද්‍යාලයේසිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේවැඩසටහනක් සංවිධානය කරන ලදී

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. දුෂ්කර ප්‍රදේශයන්හි සිසුන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමට අත්වැලක් සැපයීමේ අරමුණින් 2023 දෙසැම්බර් 13 වන දින අම්පාර එක්ගල්ඔය විද්‍යාලයේදී වැඩසටහන පවත්වන ලදි.

මෙම අවස්ථාවට මූල්‍ය දායකත්වය එස්එන් මයික්‍රෝ කෙඩිට් ප්‍රයිවට් ලිමිටඩි අයතනයේ සභහාපති කලමණාකාර අධෂක එ සුනිල් මහතා සහ එම මැතිනිය වන එස්ටි චාන්දනි ශ්‍රිණිකෙති මහත්මිය විසින් සපයන ලදී. වැඩසටහන අතරතුරදී පාසලට අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබාදුන් අතර සිසුන් 63 දෙනෙකු සඳහා රැ 10000.00 පමන වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටල 63 ක් බෙදාදීම ද සිදු විය. අනතුරුව සිසුන්ට සහ ගුරුවරුන්ට රසවත් දිවා ආහාරයකින් සංග්‍රහ කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී වූ අතරකර්නල් ප්‍රමා කර්නල් දුල්සර ධර්මසේන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි, කර්නල් (පාලන/භකාස) කර්නල් ඕඑන් මානගේ ආර්එස්පී, කර්නල් එන් එන් අබේසේකර, සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් සිසිර කුමාර සහ 24 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් ඇතුළුවඑස් එන් මයික්‍රෙ ක්‍රෙඩිට් පුද්ගලික සමාගමෙහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, කාර්ය මණ්ඩලය, විදුහල්පති ඇතුළු එක්ගල්ඔය ප්‍රාථමික විද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ දරුවන්ගේ දෙමාපියන් ද සහභාගී විය.