Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th August 2023 11:36:31 Hours

24 පාබල සේනාංකය නුවරගලතැන්න පාසල් ව්‍යාපෘතිය සඳහා ආනන්ද විද්‍යාලයේ 1995 වසරේ ආදිශිෂ්‍ය කණ්ඩායම සමඟ අත්වැල් බැඳගනී

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ආශිර්වාදය සහ සමිබන්ධිකරණය මත ආදි ආනන්දීය 95 වන කණ්ඩායම, අම්පාර අරන්තලාව නුවරගලතැන්න පාසලේ අඩු ආදායම්ලාභී සිසු සිසුවියන් 161ක් වෙත පොත්පත්, ලිපි ද්‍රව්‍ය, පාසල්බෑග්, පාවහන්සහ පාසල්නිල ඇඳුම් ආදිය පරිත්‍යාග කිරිමට 2023 ජුලි මස 31 වන දින කටයුතු කරන ලදි.

මෙහිදි රුපියල් 15000.00 කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග මල්ලක් සිසු සිසුවියන් එක් අයෙකු සදහා ලබාදුන් අතර මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වුයේ ‍සිසු සිසුවියන්ගේ ඉදිරි අධ්‍යපන කටයුතු වෙනුවෙන් ඔවුන් දිරි ගැන්විමයි. තවද ඔවුන් විසින් පාසල් පුස්තකාලයට අවශ්‍ය පොත්පත් පරිත්‍යාග කළ අතර, පාසල් ගුරුවරුන්ගේ කැපවීම සහ සේවය අගය කිරිම වෙනුවෙන් ගුරුවරුන් හටද විශේෂ ත්‍යාග මල්ලක් ලබා දීමට මෙහිදි කටයුතු කරන ලදි.

මෙම අවස්ථාව සදහා 24 වන පාබල සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී, කර්නල් (පාලන/භකාස) කර්නල් ඕඑන් මානගේ ආර්එස්පි, 16 ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේඅණදෙන නිලධාරි මේජර් කේආර්එම් අලවත්ත සහ ආදි ආනන්දීය 95 කණ්ඩායමේ සංවිධායක වන ඉෂාන් පෙරේරා මහතා ඇතුළු සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගි විය.