Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th December 2023 09:29:16 Hours

24 පාබල සේනාංකය එහි 10 වැනි සංවත්සරය සමරයි

24 වන පාබල සේනාංකය සිය 10 වන සංවත්සරය 2023 නොවැම්බර් 27 වනදින අභිමානවත් ලෙස සමරනු ලැබුවේ එහි සිදුවීම් සහිත ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් සංවත්සර උත්සව මාලාවක් සංවිධානය කරන ලදී.

නොවැම්බර් 22 සහ 23 සහ 24 යන දිනයන්හිදී මෙම අංශය මුලින් උනන්දුවෙන් දඩයන්තලාව ශ්‍රී සම්බෝධි රුක්ඛාරාම විහාරස්ථානය, පරිවාර දීඝවාපි මහා විහාරය, මල්වත්තේවිල වාඩිවිනයාගර් කෝවිල, මජීද්පුර ජුම්මා මුස්ලිම් පල්ලිය සහ සොරිකල්මුණේ ශුද්ධ කුරුස දේවස්ථානයේදී‘ ශ්‍රමදාන’ව්‍යාපාර පැවැත්වීය.

එසේම, 24 වන පාබල සේනාංකය විසින් එළඹෙන 10 වන සංවත්සරයට සමගාමීව රෝහල්වල සිටින රෝගීන්ට උපකාර කිරීම සඳහා තවත් මානුෂීය මැදිහත්වීමක් ආරම්භකරන ලදී. 2023 නොවැම්බර්මස 24 වනදින අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ ලේබැංකුව සමඟ එක්ව ක්‍රියාත්මක වූ ලේ දන්දීමේ ව්‍යාපාරයක් සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු භටපිරිස් 60 ක් එක් වසිටියහ.

එදිනම (24) නොවැම්බර් 26 වැනිදින දීඝවාපිය රජමහා විහාරස්ථානයේදී භික්ෂූන් වහන්සේලා 15 නමකට දානය (සාංගිකදානය) පිරිනැමීමට පෙර අම්පාර ‘සරණ’ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 25 දෙනකුට විශේෂ දිවා ආහාර සංග්‍රහයක් ලබා දෙන ලදී. ඉන් අනතුරුව එදින සවස 24 වන පාබල සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි විහාරස්ථාන පරිශ්‍රයේ පැවති ‘බෝධිපුජා පිංකම’ සේනාංකයට, යුද හමුදාවට සහ සියලුම භටපිරිස්වෙත ආශිර්වාද පළකරන ලදී.

තවද, සංවත්සර සැමරුමට විවිධත්වයක් එක් කරමින් එම සේනාංකයේ භටපිරිස් 24 වන පාබල සේනාංක මුලස්ථානයේ ක්‍රීඩා පිටියේදී ක්‍රිකට් තරඟාවලියකට එක් විය. 2023 නොවැම්බර් 25 වනදින අවසන් තරඟය ආරම්භවීමට පෙර මූලික තරඟ 2023 නොවැම්බර් 24-25 දිනවල පවත්වන ලදී.

යුධ සම්ප්‍රදායන්ට අනුකූලව, 11 (සෙව්) ශ්‍රීලංකාසිංහ රෙජිමේන්තුව විසින් පිරිනමන ලද මුරසංචාරයක් සහ ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලද අතර, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත උපහාර පිරිනැමිණි සංවත්සර දිනය (නොවැම්බර් 27). පැළයක් රෝපණය කිරීම, සමූහ ඡායාරූපයක් සහ භටපිරිස් ඇමතීමෙන් අනතුරුව සිදුවිය.

භටපිරිස් අමතමින්, 24 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් විසින් 24 වන පාබල සේනාංක ඉතිහාසයේ සන්ධිස්ථාන කිහිපයක් සිහිපත් කළ අතර, සියළුම නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ කැපවීම් සහ කාර්යසාධනය ඇගයීමට ලක්කරන ලදී. සංවත්සරදිනයටසමගාමීව, සේනාංක මූලස්ථානයේ අණදෙන නිළධාරී, සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් සමරු සංවත්සර උත්සව උච්චතම අවස්ථාවට ගෙන ඒම සඳහා සර්ව තරාතිරමේ දිවා භෝජන සංග්‍රහයකට සහභාගීවිය. සන්ධ්‍යාවඑළැඹෙත්ම, සංවත්සර උත්සවයේ අවසන් අංගය ලෙස සංගීත සන්ධ්‍යාවක් පරිශ්‍රයේදී ආරම්භ විය.

නැඟෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්.කේ.යූ.පීගුණරත්න ආර්එස්පි එන්ඩියු පීඑසසී අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරී සංගීත විනෝදාස්වාදය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. මෙම සංගීත සන්ධ්‍යාව සඳහා 24 වන පාබල සේනාංකයේ 241 සහ 243 බලසේනාවේ බලසේනාධිපති වරුන් සහ අණදෙන නිලධාරීන් ද සහභාගී වූහ. නිළධාරීන්, සෙසුනිලයින් 15 දෙනෙකුගේ පවුල්වල සාමාජිකයින්, විශ්‍රාමික හිටපු යුධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශයේ සේවයේ නියුතු සහෝදර සේවා භටපිරිස් ද සංගීත සංදර්ශනයට එක්වූහ.

මේ අතර, 2023 දෙසැම්බර් 01 වනදින 24 වන පාබල සේනාංක මූලස්ථානයේ සේවය කරන සිවිල් සේවකයින්ට ඔවුන්ගේ වෙහෙස මහන්සිවී සේවය කිරීම සහ කැපවීම අගයකිරීමක් ලෙස විශේෂ දිවා ආහාරයක්ද පිරිනමන ලදී.