Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th November 2024 09:11:53 Hours

24 වන පාබල සේනාංක භඨ පිරිස් වෙත පිටත ජල යන්ත්‍ර පිලිබඳ පුහුණු සැසියක් පැවැත්වීම.

ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එකාබද්ධව 24 වන පාබල සේනාංකය විසින් 2024 නොවැම්බර් මස 12 වන දින ඔලුවිල් වරාය පරිශ්‍රයේදී පිටත ජල යන්ත්‍ර පිලිබඳ එක්දින පුහුණු සැසියක් සාර්ථකව පවත්වන ලදි. මෙම පුහුණු සැසිය ඉදිරියේදී සක්‍රිය වීමට නියමිත නිරිත දිග මෝසම් වැසි හේතුවෙන් 24 වන පාබල සේනාංකයේ ඇති සෙවීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම්හි හැකියාවන් සහ කුසලතා ප්‍රවර්ධණය කිරීම මුලික අරමුණ කරගෙන පවත්වන ලදී.මෙම එක්දින පුහුණූ සැසිය න්‍යායාත්මක හා ප්‍රයෝගීක ක්‍රියාකාරකම් සමන්විත වු අතර, එහිදි පිටත ජල යන්ත්‍ර භාවිතා කිරීමේ ශිල්පීයක්‍රම හා නඩත්තුව පිලිබඳ සවිස්තරාත්මක අවබෝධයක්ද ලබා දෙන ලදී.

මෙම පුහුණු සැසිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්දැකීම් බහුල උපදේශකයින් විසින් මෙහෙයවු අතර, පිටත ජල යන්ත්‍ර උපයෝගී කර ගෙන විවිධ ජල තත්වයන් යටතේ ආරක්‍ෂාකාරීව බෝට්ටු ධාවනය කිරීම පිලිබඳව උපදෙස් සහ ප්‍රායෝගික දැණුම ලබා දෙන ලදී. මෙම පුහුණු සැසිය 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ පැවැත්වු අතර,ඒ සඳහා නිලධාරින් 08 දෙනෙකු සහ සෙසු නිලයින් 32 කින් සමන්විත භට පිරිසක්සහභාගී විය.